Home Politics ඉන්දීය විදේශ ඇමති රනිල් සහ සජිත් සමඟ සාකච්ඡා.

ඉන්දීය විදේශ ඇමති රනිල් සහ සජිත් සමඟ සාකච්ඡා.

71
0

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඊයේ (29) දිනයේ හමුවී තිබෙනවා.

එස්. ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් එස්. ජයශංකර් මහතා සඳහන් කළා.

ඔහු කොළඹ පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවෙමින් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී එස් ජයශංකර් මහතා ඉන්දීයාවෙන් මෙරට ලබාදෙන ආර්ථික සහය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බව සඳහන්.

පසුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා රහුෆ් හකීම් මන්ත්‍රීවරයා ද, පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙක් ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ, මෙරට ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳවයි.