Home Local මෙරට ප්‍රධාන රෝහල් තුනක් අකර්මන්‍ය වෙයි.

මෙරට ප්‍රධාන රෝහල් තුනක් අකර්මන්‍ය වෙයි.

16
0

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් දිනෙන් දින ඉහළ යනවා.

ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

ඒ , මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

එමෙන්ම අද දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.