Home Local මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මිය යාම සම්බන්ධයෙන් සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මිය යාම සම්බන්ධයෙන් සැකකරුවන් 4ක් අත්අඩංගුවට

428
0

මැයි 9 වන දා නිට්ටඹුව නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු නිට්ටඹුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ, ඉන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව ය.

අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

මේ අතර, එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන සහ ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිමි නමක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු මැයි මස 24 වන දින දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.