Home World ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානයෙන් ලෝක වාර්තාවක්.

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානයෙන් ලෝක වාර්තාවක්.

184
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට රැගෙන ගිය සෞදි එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානය (SV 788) ලෝක වාර්තාවක් තතියලා කියලා  Bloomberg වාර්තා කරනවා.
ඒ, ලොව වැඩි ම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බවට පත්වෙමින්.
එය ගොඩබස් වන අවස්ථා වන වන විට ලොව වැඩි ම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන් යානය ලෙස පළමු තැනට ද පත්වූ අතර වාර්තා වලට අනුව, 12,000කට වැඩි පිරිසක් flightradar24.com හරහා එය නිරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව ඔවුන් පවසන්නේ.
අද (ජූලි 15) පස්වරුවේ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය තහවුරු කළා.
එමෙන්ම ඔහු සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව The Washington Post වාර්තා කර තිබෙනවා.