Home Local ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ කථානායකවරයාගේ නිල ප්‍රකාශය.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ කථානායකවරයාගේ නිල ප්‍රකාශය.

15
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා.
ලිපිය සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිත්‍යානුකූලව සිය ධිරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්වීමෙන් අනතුරුව අදාළ ලිපිය යොමුකර තිබුණා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 එක වගන්තියට අනුව කථානායකවරයා වෙත තම අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට හැකියාව තියෙනවා.