Home Local News Room : දොස්තරලා 350ක් පැදුරටත් නොකියා රට ගිහින්

News Room : දොස්තරලා 350ක් පැදුරටත් නොකියා රට ගිහින්

3
0

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350ක් පමණ විදේශගතවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසීය.

ලංකාව තුළ සේවය කිරීමට අවශ්‍ය ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙන විශේෂඥ වෛද්‍යවරුන් ගණන 2,837ක් ද, වෛද්‍යවරුන් ගණන 23,000කට ආසන්න බව ද හෙතෙම කීය.

විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු හොර රහසේ රටින් පිටව ගොස් ඇති බව ත් සාමාන්‍ය වෛද්‍යවරුන් 250කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස විදේශගතව ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට බාධාවක් වන ආකාරයෙන් නොදන්වා සේවය අතහැර යන සියලු දෙනාට සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කර වෛද්‍යවරුන් 50 දෙනෙක් පමණ අසාදු ලේඛන ගත කර ඇති බව ද ඔහු පැවසීය.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ තවමත් රට තුළ සේවයේ නිරත වන වෛද්‍යවරුන්ට සහනයක් දිය යුතු බව ත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටින බව ත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here