Home Local News Room : පාර්ලිමේන්තු මන්ත්‍රීගේ 18 හැවිරිදි පුත්‍රයා පැදවූ රිය ලයිට් කණුවක...

News Room : පාර්ලිමේන්තු මන්ත්‍රීගේ 18 හැවිරිදි පුත්‍රයා පැදවූ රිය ලයිට් කණුවක ගැටෙයි

7
0

පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි  සිසුවකු  පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක  ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම සරසවි සිසුවා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට  නිල නොවන තොරතුරු ලැබී ඇත .

අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව  පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.‍ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.

සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here