Home Local News Room : ලංකාවෙන් පැන්න ඇදුරන්ට වැඩ වරදී

News Room : ලංකාවෙන් පැන්න ඇදුරන්ට වැඩ වරදී

2
0

අධ්‍යයන නිවාඩු ලබා උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 201ක මුදලක් අයවිය යුතුව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ‘ඉරිදා මව්බිම’ට පැවසුවා ය.

මෙසේ අයවිය යුත්තේ, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වී නැවත සේවයට වාර්තා නොකිරීම නිසා බැඳුම්කර කඩකර තිබීම හේතුවෙන් අය විය යුතු මුදල් බව ද ඇය කීවා ය.

පසුගිය වර්ෂයේ අවසානය වන විට වැඩි ම පිරිසක් එලෙස විදේශගත වී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බව ත් ආචාර්යවරුන් 120කට අධික පිරිසක් එලෙස විදෙස්ගත වී නැවත පැමිණ නැති බවත් ඇය සඳහන් කළා ය.

මෙලෙස බැඳුම්කර කඩකර තිබීම හේතුවෙන් වැඩි ම මුදල් ප්‍රමාණයක් අය විය යුතු වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් බව ද ඇය කීවා ය.

ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 323ක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් රුපියල් මිලියන 120ක් ද, නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් මිලියන 188ක් ද වශයෙන් මෙලෙස අය කර ගැනීමට ඇති බව ඇය පැවසුවා ය.

එලෙස බැඳුම්කර කඩකර ඇති ආචාර්යවරුන් 620කගෙන් 84 දෙනකු ඔවුන්ට අදාළ අයගෙන් බැඳුම්කර ලබා දී තිබෙන බව ද ඇය සඳහන් කළා ය.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණනයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී “කෝප් කමිටුවේදී ද” සාකච්ඡාවට භාජන වූ බව ත් ඇය වැඩිදුරටත් පැවසුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here