රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
අද (මැයි 9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන් ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත.
කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බව ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් මීට පෙර සම්මත කරනු ලැබ තිබිණි.