කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී මිය ගිය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන අද (මැයි 11) පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
සිසුවියගේ අබිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳී සිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද අද අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර දකුණ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අතර, පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ, උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බව ය.
ඒ අනුව, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.