මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,853ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 12 වන දා තව ත් කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීමත් සමග එම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
මේ අතර, ඊයේ (මැයි 13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව, මෙරටින් කොවිඩ් ආසාදිතයින් 672,283 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.