Home Local News Room : ඇහුව ද ? ඒ කතාව – අලියා ගහද්දි කෙල්ලව...

News Room : ඇහුව ද ? ඒ කතාව – අලියා ගහද්දි කෙල්ලව බදාගෙන හිටියා කියන කතාව බොරුවක්

3
0

ඇහුවද ඒ කථාව🤔

ඒ කතාව ගැනදාන අන්තිම පෝස්ට් එක මේක 🙂 ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න.

“අලිය එයාව පාගද්දි මම පෑගුවත් කමක් නෑ කියල හිතල මම එයා බදාගත්ත මම එයා බදා ගන්න බදා ගන්න අලිය එයාව පෑගුව අපි ටෙන්ට් එක ගහපු තැනට අලි එනව කියල අපට කීවේ නෑ කීව නම් අපි කීයටවත් එතන නවතින්නෙ නෑ අලිය එයාව පාගල ගියාට පස්සෙ මම එයාව බදාගෙන එළි වෙනකල් හිටිය මට 1990 ට කෝල් එකක් ගන්නවත් මතකෙට ආවෙ නෑ එයා මා එක්කල හොදට කථා කර කැඩුන කකුල හදා ගන්න පුළුවන් වෙයි නේද කියලත් මගෙන් ඇහුව අපට එහෙමම නින්ද ගියා එළි උනාම මම යාළුවෙකුට call කලා”

උබ ඔය කථාව කියපං කිරි පුතේ
මොන්ටිසෝරි දරුවෙකුට😥

පව් අර අහිංසක කෙල්ලෙකුගෙ ජීවිතේ😥

අපි හොදට අලි එක්කල ජීවත් වෙන්න පොර බදන මිනිස්සු බං ලංකාවෙ දරුණුම වල් අලි අතරෙ නම් දරාපු “නියපොත්තා” ගෙ සිට ගොඩක් වල් අලි මාසෙකට දෙතුන් වතාවක් අපේ වතු වලට පනිනව😌

හේණ කුඹුර රකින කොට වගේම අලි ගහල අලි පාගල අපේ ගම් වල නිදි පැදුරෙත් ඕන තරම්
මිනිස්සු මැරිල තියෙනව😥

හැබැයි කවදාවත් අලියෙක් පාගන්න පාගන්න තව කෙනෙක් බදා ගන්නව නම් දෙන්නවම එකට තියල පාගල දානව මිසක කවදාවත් එකෙක් වෙන් කර කර පාගල වෛර පිරි මහ ගන්න අලි මම මගෙ
ජීවිතේට අහල දැක නෑ බං😪

උබේ කථාවෙ එක තැනක කියනව
🐕 “බල්ලෙක් අපේ ටෙන්ට් එක එහා පැත්තෙ හිටිය” කියල අලින්ට බල්ලො පේන්න බෑ,

ඒ බල්ල හන්ද තමයි අලිය උබල ඉන්න තැනට ආවෙ නිකටම හරි ලග පාතින් ගිණි මැලයක් ගහල තිවුන නම් අදත් අර අහිංසක ජීවිතය ජීවත් වෙනව

හැබැයි අලියගෙන් බේරෙන්න වලස්සු ඉන්න කැලෑ වල ගිණි මැල ගැහුවොත් ගිණි තපින්න එන වළහ කාපු දාට අලි ගැහුව නම් හොදයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්

අලි ඉන්න කැලෑ වල බල්ලන්ට එළියෙ ඉන්න ඇරල ටෙන්ට් ගහගෙන මිනිස්සු නිදියන්නෙ නෑ වගේම කිඹුල්ලු ඉන්න වැව්,ගංගා වල බල්ලන්ව නග්ගගෙන පණට ආදරේ කරන කිසිවෙක්
ඔරු පදින්න යන්නෙත් නෑ බං😪

උබ අර උබට ආදරේ කරල, උබව විස්වාස කරල අලි ඉන්න කැලෑවක රැයක් ගත කරන්න ඇවිල්ල අලි ගහල මැරිච්ච කෙල්ලගෙ මළ කඳ අතරිනුත් බොරු වීරයෙක් වෙන්න දැන් මොන වර්ගයේ කථා කීවත්

මගෙ තර්කයට අනුව නම් අලිය ගහද්දි ඒ කෙල්ලව දාල එකෙන්ම උබ 🏃 දුවල තියෙනව යාළුව😥

උබ දුවපු දිවිල්ලට උබට ෆෝන් එකවත් ගන්න සිහියක් තිවුනෙ නෑ😢

ඒකයි උබට call එකක් දී ගන්නවත්
විදියක් තිවුනෙ නැත්තෙ

එළිය වැටුනම තමයි උබ ආයෙම සිද්දිය වෙච්ච තැනට ඇවිල්ල 4න් එක හොයාගෙන යාළුට හරි කථා කලේ උබ රෝහල් ගත වෙලා දොස්තරට සිදුවීම විස්තර කරන වීඩියෝව News වල පෙන්වද්දි
“අලිය මගෙත් මෙතන පෑගුව මෙතනත් පෑගුව” කියල උබ කීවට උබේ මුහුණ පුරාවට මම දැක්කෙ උබ පණ එපා කියල දුවද්දි අතු ඉති ගස් ගල් වල වැදිල සීරිච්ච සීරුම් පාරවල්

අලියෙක් ගහද්දි ආරක්ෂාවට කිසිම දෙයක් නැති නම් දුවනවා ඇරෙන්න අලිය එක්කල අතිං පයිං ගහ ගන්න උබ “රම්බෝ” කෙනෙක් නෙවෙයි කියල
මම හොදටම දන්නව බං

මගෙ උපකල්පනය නිවැරදි නම් මට උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි

උබ දිව්ව නම් දුවපු එක අවුලක් නෑ,
ඒත් අර කෙල්ලගෙ මළ කඳ අතරිනුත් උබ වීරයෙක් වෙන්න හදන්න එපා 😥

ඒක මචං උබව විස්වාස කරපු ඒ කෙල්ලගෙ ආත්මයටත් කරන නින්දාවක් බං😌

මේක දකින බලන ඔයාලගෙන් මට කරන්න තියෙන එකම ඉල්ලීම තමයි කවදාවත් ඔයාල නොදන්නා කැලෑ වල් ඇතුලෙ දන්නා කෙනෙක් නැතිව සංචාරය කරන්න යන්න එපා🙏

පිහිනන්න මොන තරම් ඔයා දක්ෂයෙක් උනත් ආරක්ෂිත මෙවලමක් නැතිව නොදන්නා වතුරකට බහින්නවත් එපා🙏

තමන්ට තමන් ගැන හොද ආත්ම විස්වාසයක් තියෙනව නම් විතරක් ඕන දෙයක් කරපං
කට වචනෙන් පන දෙන්න වගේ ඉන්න උන්ගෙ වචන විස්වාස කරල දොට්ට පිලටවත් යන්න එපා❤️🙏

එච්චරයි,.

HTNS Thilakarathna,,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here