Home Local News Room : මේ වසරේදී රටවිරුවන් ඩොලර් බිලියන 1.8ක් එවලා

News Room : මේ වසරේදී රටවිරුවන් ඩොලර් බිලියන 1.8ක් එවලා

5
0

මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මේ වසරේ පළමු මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 1867.2ක් මෙරටට එවා ඇතැයි එම කාර්යාංශය පැවසීය.

අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454ක් එවා තිබෙන බව ත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කර බලන විට සියයට 82.4ක ඉහළ යාමක් බව ත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5ක මුදලක් එවා තිබෙන බව ත්, එය සියයට 68.8ක වර්ධනයක් බව ත් කාර්යාංශය පැවසීය.

පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 407.4ක් එවා ඇති බව ත්, පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව එය සියයට 98.6ක වර්ධනයක් බව ත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 568.3ක මුදලක් එවා තිබෙන බව ත්, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5ක වර්ධනයක් බව ත් එම කාර්යාංශය පැවසීය.

නීත්‍යනුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබා දීමටත් ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමටත් මේ වන විට පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here