Ushan Vlogs සහ Accident එක
මේක මගේ පෞද්ගලික කියවීමක් මිසක කවුරුන්වත් අපහසුතාවයට පත් කිරීමක් නෙමෙයි
Ushan ව මුලින්ම මන් දකින්නෙ කාන්තා යට ඇඳුම් සම්බන්ධ විඩියෝ එකකින්. Hidden cam prank එකක් විදිහට යන ඒ විඩියෝ එකේ චරිත විදිහට ඉන්නෙ ඔහුගේම අක්කල දෙන්න. ඔහු ඒකෙ ප්‍රධාන නලුව වෙන්නෙ අක්කලගෙ යට ඇඳුම් හොරකම් කරන අමුතු ආසාවක් තියෙන මනුස්සයෙක් විදිහට.
මට හරියටම මතක නම් ඉන් පස්සෙ විඩියෝ එකේ තියෙන්නෙත් තාත්තව prank කිරීමක්.
ආයිමත් මන් ඔහුව දකින්නෙ ටික්ටොක් එකේ trans අයෙක්ව interview කරල.
ඉන්පස්සෙ මන් ඔහුව දකින්නෙ ඔහු වාහනයක් ගත්ත විඩියෝ එකෙන්. ලංකාව වගේ රටම silver play එකකින් වාහනයක් ගැනීම අමාරු වුණත් “Thank you YouTube “ බොරුවෙන් ඒ කාලෙ මිනිස්සු රැවටිලා හිටියෙ.
ඔහොම යද්දි ආයෙම මන් ඔහුව දකින්නෙ නුවර කැම්පස් එකක් ගාව කුඩයක් තියන් හැමදාම පාරෙ හිටපු ( කතාවක් ගියා මේ කැම්පස් එකේ හිටපු පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් උන්මත්‍තකයෙක් වෙලා කියලත්) මනුස්සයෙක්ව ගෙදර අයට බාර දෙන විඩියෝ එකකින්.
ඔය කාලෙ වෙද්දි මන් ඔහුව දැක්කෙ චැරිටි කරන YouTuber කෙනෙක් විදිහට.
ළඟකදි ආයි කරලියට ආවෙ දසත නන් පිටුවකින් ඔහු චැරිටි කරනව කියල ඔහුට මුදල් එකතු කරන වංචාවක් ගැන හෙලිදරව්වකින්. (ලංකාවෙ 99% YouTube charity ඔහොම්මමයි)
ආසන්නතම සිදුවීම ඔහුගේ රථය බරපතල ලෙස හානිවෙලා සිදුවුණ අනතුර.
ඉතින් මේ සිදුවීම් එක්ක මන් දැකපු දේවල් තමා මේ.
1. Ushan accident එකෙන් පස්සෙ “අනේ මට නින්ද ගියා අයියෙ” කියල වාහනයෙන් එලියට ආව කියල තමා එතන එවෙලෙ ගිය Facebook Live වල කියවෙන්නෙ.
ඒත් ඇත්තටම බරපතල තුවලා ලබපු මිනිස්සු තව දෙන්නෙක් වගේ ඉන්න අතරෙ තමා “ඉක්මන් සුව” කියල හැමෝම ඔහුට post දාන්නෙ. ඇත්තටම ඒ ප්‍රාර්ථනාව ලැබෙන්න ඕනෙ හරිනම් ඒ අනතුරේ හිටපු ඔක්කොටම
ඒත් අපේ මිනිස්සු කලේ එක page එකකින් දැකපු ගමන් රැල්ලට post share කලා.
2. මේ සිද්දිය එක්ක ushan ට විශාල awareness එකක් හැදුණ negative විදිහට( මේ post එකෙන් වුණත් වෙන්නෙ ඒක). මේක ushan ට ආයි එද්දි සෑහෙන්න plus එකක්. බනින්න හරි බලන් ඔහුගෙ ඊළඟ විඩියෝ එක බලන්න පිරිසක් ඉන්නව දැන්
3. අනේ අපරාදෙ කියන්න තරන් ushan ට පාඩුවක් වෙන්න විදිහක් නෑ මේ වාහනේට full insurance එකක් තියෙනව. ඕනෙ නම් පොඩි ප්‍රතිශතයක් පාඩුවෙයි මේකෙ claim එකේදි.
4. මේ එක්කම ඔහුගෙ ඊළඟ වාහනය Europe එකක් වෙන්න පුලුවන්. ඒ ඒක්කම ඔහුගෙ Caption එක ඔහුට මඩ ගහන අයට කනේ පාරක් වගේ දෙයක් වෙන්න පුලුවන්
5. මේ වගේ දෙයකට පස්සෙ ඒකෙන් හොද මාකටින් පාරක් දාගන්න උශාන්ට අමාරු නෑ. ඔහුට ඒ සඳහා නිදහසත් ගෙදරින් මන් හිතන්නෙ තියෙනව. මොකද ඔහු පටන් ගත්ත විදිහෙ යට ඇඳුම් විඩියෝ මන් දැම්ම නම් අපේ තාත්ත මේ වෙද්දි මගෙ අහවල් ස්ථානය කපල.
6. මේ චැරිටි scam එක්ක මන් දැක්ක Mr. Beast පවා ඕව කරනව වගේ ප්‍රාථමික comment. ලංකාවෙ මොඩ්ල් එකේ වෙන්නෙ මිනිස්සුන්ව විකුණල YouTubers ල Fundraise කරල හම්බ කරල ඒක තව දාල තව සල්ලි උපද්දවන එක. ඒත් පිටරට වෙන්නෙ තමන්ගෙ YouTube සල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරන එක සහ ඒක තුලින් ලැබෙන සල්ලි තව ඒ වගේම හොඳ වැඩකට දාන එක. ( ලංකාවෙ මේව වෙන විදිහ ගැන ඔක්කොම දැනගත්ත මන් මහියංගනේ වැඩක් කරන්න ගිහින්)
අන්තිම එක.. තව අවුරුද්දකින් දැන් ඔය පලු අරින අපේ අයියලම ” Respect Ushan , පොර දැන් හැදිල , මිනිස්සුන්ට වරදිනව.ඒත් ඒව හදාගෙන එන්නයි ඕනෙ” කියල තව චැරිටි විඩියෝ එකක් share නොකලොත් මේ ලංකාව නෙමෙ.
ආහ් එකක් මිස් වුණා. චැරිටි ෆූඩ් කෝනර් කියක කෑම කඩයකින් කෑම වුණත් කන්න ඉඩ ප්‍රස්ථාව මේ රටේ තියෙනව
- Sajeewa Randula Dissanayake