Home Local News Room : ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරන්න SLBC සත්‍යේක්ෂණය වැඩසටහන කොත්මලේට

News Room : ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරන්න SLBC සත්‍යේක්ෂණය වැඩසටහන කොත්මලේට

2
0

ශ්‍රි ලංකා ගුවන් විදුලි මගින් ගෙන එන සත්‍යේක්ෂණය ගුවන් විදුලි වැඩසටහනේ තවත්  එක් වැඩසටහනක

සජීවි පටිගත කිරීම අද (23) දින කොත්මලේ නියන්ගන්දොර  ගම්මානයේ දි පැවැත්වීය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනෙදි ආහාර සුරක්ෂිතතාව මාතෘකාව යටතේ සාකච්ඡා කිරිම  සිදුවු අතර ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කළ කෘෂිකර්මික හා පෝෂණ ගැටළු ඇතුළු ගැටළු සඳහා පිළියම් යෙදීම සම්බන්ධව ද  මෙහි දී සාකච්ඡා විය.

කොත්මලේ නියම්ගම්දොර විශ්‍රාමික ග්‍රාම නිලධාරී අගල වත්ත මහතාගේ ගෙවත්ත ආශ්‍රිතව පැවති මෙම වැඩසටහන සඳහා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදිර ලක්මාල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මස්කෙළිය.සි.ටි.පෙරුමාල්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here