ලෝකයේ රටවල් අතර ආසියාවේ දුප්පත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබෙන බව ‘Yahoo Finance’ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව ගණනය කළ විට ශ්‍රී ලංකාව දුප්පත් රටවල් අතරට වැටී ඇති බව ද සඳහන් කරන එම වෙබ් අඩවිය ඒ අනුව ආසියාවේ දුප්පත් රටවල් 20ක් අතරින් ශ්‍රී ලංකාවට 17 වන ස්ථානය හිමි වී තිබේ.
එම වෙබ් අඩවිය සඳහන් කරන පරිදි 2021 වසරේදී ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 5555ක් වී ඇත.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට, මුදල් අවප්‍රමාණ වීමකට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මේ වන විට මුහුණ දී ඇති බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
දුප්පත් රටවල් ගණයට වැටෙන සෙසු රටවල් වන්නේ මොංගෝලියාව, ආර්මේනියාව, පිලිපීනය, භූතානය, ලාඕසය, වියට්නාමය, ටිමෝරය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, කාම්බෝජය, පාකිස්තානය, කජිකිස්තානය, යේමනය, මියන්මාරය, නේපාලය, සිරියාව, ටජිකිස්තානය, ඇෆ්ගනිස්තානය, උතුරු කොරියාව යන රටවල් 19ය වේ.