Home Local සභාපති කුණුහරපෙන් බැනීමට වන්දි ලෙස රජයේ මුදලින් ලක්ෂ 10කට ආසන්නව වන්දි ගෙවීමට...

සභාපති කුණුහරපෙන් බැනීමට වන්දි ලෙස රජයේ මුදලින් ලක්ෂ 10කට ආසන්නව වන්දි ගෙවීමට නියෝග

8
0

 

පූර්ණ වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග ප්‍රවාහන පුද්ගලික සමාගම පිළිබඳව අපූරු ආරංචියක් අප වෙත වාර්තා වෙනවා.

එනම් ආයතනයේ සිටි වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා හට අසැබි වචනයෙන් (ප*යා) බැණ වැදී, තර්ජනය කිරීම හරහා සේවයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම යන කරුණ සම්බන්ධයෙන්, අංක 01අති/09/2020 අංක දරන, කම්කරු විනිශ්චය සභා නඩුවේදී, පැමිණිලිකාර ඩී. ආර්. එන්. මුහන්දිරම්ගේ හට රුපියල් නවසිය අනූ හත් දහස් හාරසිය විසි පහක් (997,425.00) ආයතනයේ මුදලින් ගෙවීමට නියම වී තිබෙනවා. එම ගෙවීම පැහැර හැරීමට අදාල නඩුව 2023 – 06- 02 දිනයේ (හෙට) පෙරවරු 9.00ට කොළඹ අංක 05 දරණ මහෙස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගැනීමට නියමිතයි.

හේවා දූලිගේ කැලුම් ජයසුමන නම් සභාපතිවරයාගේ මෙම ක්‍රියාව නිසා ආයතනයේ මුදලින් මේ සා විශාල වන්දියක් ගෙවීමට සිදුවීම නිසා ආයතනයේ සේවකයන්ට එළැඹෙන මස වැටුපද ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.
විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මෙම මුදල සභාපතිවරයාගෙන් පෞද්ගලිකව අය කර නොගෙන, එම ආයතනයේ මුදලින් ගෙවීමට සැලැස්වීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන් සහ මහා මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයෙ බලධාරීන් නිහඬව සිටින්නේ මන්දැයි අපි විමසිල්ලෙන් බලා ඉන්නවා.

එම නඩුවේ පැමිණිලි පත්‍රය සහ චෝදනා පත්‍රය පහතින්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here