SL Vlog හිමිකරු බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව සඳහන් කළේ, නතාශා එදිරිසූරිය විසින් කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය.
අද (මැයි 31) උදෑසන 10.00ට පමණ බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
ඒ අනුව, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.