Home Local News Room : විදුලිය දැවැන්ත වර්ජනයකට අරඅඳියි – මව්බිම

News Room : විදුලිය දැවැන්ත වර්ජනයකට අරඅඳියි – මව්බිම

2
0

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ සමාගම්වලට විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ඉදිරියේදී රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසීය.

ඒ පිළිබඳව නව පනත් පාර්ලිමේන්තුවට ගෙන එමින් විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ සමාගම්වලට විකිණීම සඳහා රජය මේ වන විට ත් සියලු පිඹුරුපත් සකස් කර අවසන් බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ (ජූනි 14) අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය.

1969 අංක 17 දරන ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ඒමට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ත් එම නව පනතේ අන්තර්ගතය පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් කර නැති බව ත් හෙහෙම කීය.

මේ අතර, විශාල මුදලක් වැය කර පුහුණුව ලත් 3800ට වැඩි සේවකයන් සංඛ්‍යාවක් ඉවත් කිරීමටත් විදුලි බල මණ්ඩලය මිල දී ගන්නා සමාගම් 15ක බරපැන විදුලි පාරිභෝගිකයාගේ කර මත පැටවීමට සිදුවන බවත් රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ ය.

මේ පිළිබඳව, රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකා විදුලි සේවක සංගමය මගින් දීපව්‍යාප්තව කරන බවත් එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ අනුරාධපුර නගරයේ පිහිටි විදුලි බල මණ්ඩලයේ උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය ඉදිරිපිටදී කළ බව ත් ඒ මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන විනාශකාරී පනතට එරෙහිව ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ මස 21 වන දා විහාරමහදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත සමුළුවකදී පවත්වන බව ද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here