24
කොළඹ ආනන්ද විදුහල හා මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර එන්සීසී පිටියේදී ඊයේ පැවති වාර්ෂික ක්රිකට් තරගයේදී කෙනුල පිහිලියංග ලකුණු 41කට කඩුලු 4ක් බිඳ හෙළීම හේතුවෙන් ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 208ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිය. ඊයේ පළමු දිනය නිමාවෙද්දී කිංග්ස්වුඩ් පිල කඩුලු 2කට ලකුණු 37ක් ලබා සිටියේය.
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 208 (ඕවර 77.2)
දනිඳු සෙල්ලප්පෙරුම 43, මිහින් මුණසිංහ 34, අශිංස නයිනායක 26, කෙනුල ද සොයිසා 25 (කෙනුල පිහිලියංග 41/4, කවීජ ගමගේ 71/3)
කිංග්ස්වුඩ් විදුහල කඩුලු 2කට ලකුණු 37 (ඕවර 22)
ආදිල් ෂෙරීෆ් 14 (සාදර ජයරත්න 5/2)