24
අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ සාන්ත පීතර විදුහල් පිලට එරෙහිව ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 34-29ක ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල් පිල කුසලානය දිනා ගැනීමට සමත් විය.
පසුගිය වසරේ ශූරයන් වන සාන්ත පීතර විදුහල් පිල දැඩි පීඩනයකට ඇද දැමූ ඉසිපතනයේ ක්‍රීඩකයන් තරගයේ පළමු භාගය ලකුණු 20-12කින් පෙරමුණ ගත් අතර, දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරතවීම කැපී පෙනිනි.
ඉසිපතන විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහර 4ක් ඇතුළත් වූ අතර, සාන්ත පීතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාවට එක් වූයේ ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි. ඉසිපතන විදුහල් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේදී සාන්ත තෝමස් විදුහල් පිලට එරෙහිව ලකුණු 25-20කින් පරාජය කරමිනි. ලකුණු 23-20කින් වෙස්ලි විදුහල් පිල පරාජයට පත්කරමින් සාන්ත පීතර විදුහල් පිල අවසන් තරගයට එක් විය.
ෆවුස් මොහොමඩ්
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න