Home World News Room : පාකිස්තානයේ සාක්ෂරතා දරිද්‍රතාව 77% යි ලෝක බැංකුවෙන් වාර්තාවක්

News Room : පාකිස්තානයේ සාක්ෂරතා දරිද්‍රතාව 77% යි ලෝක බැංකුවෙන් වාර්තාවක්

0
0

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම වාර්තාවකට අනුව පාකිස්තානයේ සාක්ෂරතා දරිද්‍රතාව 77% ක මට්ටමේ පවතින බවත්, එරට ලොව වඩාත්ම අභියෝගාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයක් පවතින රටවල් අතරට ඇතුළත් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ අවුරුදු 10 වයස් සීමාවේ පසුවන දරුවන්ගේ පවා අකුරු කියැවීමේ මූලික අධ්‍යාපනය පහළ වැටී ඇතැයි එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාකිස්තානයේ පවතින මේ අධ්‍යාපන අර්බුදය එරට සමාජ හා ආර්ථික ප්‍රගතියට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන බවත්, අසමානතාව වර්ධනය කරනු ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම තත්ත්වය මත වැඩිදුර අධ්‍යාපනයට සහ රැකියා අවස්ථා සඳහා අත්‍යවශ්‍ය මූලික සාක්ෂරතා කුසලතා පාකිස්තානයේ මිලියන ගණනාවක දරුවන්ට අහිමිවීමේ අවදානමක් ද මතු වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here