17
මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අමෙරිකාවේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එලෝන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය සහ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා දෙලක්ෂ තිස්දහසක ජනතාව විසින් අත්සන් තබන ලද පෙත්සමක් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැනේඩියානු මවකට දාව දකුණු අප්‍රිකාවේ උපත ලබා කැනඩාවේ සහ අමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින ලොව ලොකුම ධනවතා එලෝන් මස්ක් අමෙරිකාවේ 21 වැනි ප්‍රාන්තය බවට කැනඩාව පත් කිරීමට ට්‍රම්ප්ට සහාය දක්වන බවත් එම පෙත්සමේ සඳහන් වන බව වාර්තා වේ.