3
අන්තර් ජාත්‍යන්තර පාසල් අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. ඒ පානදුර කියොන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.
ඕවර 25 ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වත්තල ලයිසියම් පිල ඕවර 24කදී සියල්ලන් දැවී ලකුණු 116ක් රැස් කළ අතර, ශෂිඳු විස්මිත ලකුණු 41ක් රැස් කළේය. පානදුර කණ්ඩායමේ සිතුමිණ හීන්දෙනිය ලකුණු 13කට කඩුලු 5ක් බිඳහෙළීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පානදුර ලයිසියම් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 121ක් රැස් කළේය. නෙසිත් පෙරේරා නොදැවී ලකුණු 54ක් හා නායක මනීෂ මඩපාත නොදැවී ලකුණු 29ක් රැස් කළහ.