10
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර අවසන් තරගය අද (27) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
කණ්ඩායම් 18ක් එක්වූ මේ තරගාවලියේ පළමු වටයේදී තම ‘බී’ කාණ්ඩයේ අනුශූරයන් ලෙස තර්ස්ටන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ අතර, එම කාණ්ඩයෙන්ම තරගවැදුණු මහින්ද විදුහල තෙවැනි ස්ථානයෙන් අර්ධ අවසන් වටයට එක් විය.
එහිදී කඳාන දි මැසිනෝද් විදුහලය පරදවමින් තර්ස්ටන් පිලත්, පානදුර ශ්‍රී සුමංගල විදුහල පරදවමින් මහින්ද විදුහලත් අවසන් පූර්ව වටයට පිවිසි අතර, එම වටයේදී ඉසිපතන පිල තර්ස්ටන් විදුහල සහ මහින්ද විදුහල මාතර සාන්ත තෝමස් විදුහල පරදවා මේ තරගයට සුදුසුකම් ලැබීය.
තනුග පලිහවඩන තර්ස්ටන් පිල මෙහෙයවන අතර, මහින්ද විදුහල් පිල කවීන් රුක්ෂාන් විසින් මෙහෙයවයි.
ඉෂානි යද්දෙහි