5
ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක මත්ස්‍ය වෙළෙඳපොළේ 8%ක සැපයුම්කරුවකු ලෙස ඉන්දියාව පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7000ක ආදායමක් ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
වසර 2004දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක මත්ස්‍ය අපනයනයෙන් ලෝක මත්ස්‍ය වෙළෙඳපොළට අවතීර්ණ වූ ඉන්දියාව ගත වූ දශක දෙක ඇතුළත කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගියදා නිකුත් වූ ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනය රටවල් ලැයිස්තුවට අනුව චීනය තවදුරටත් පෙරමුණේ පසුවන අතර, පසුගිය වසරේදී ඉන්දියාව විසින් අපනයනය කරනු ලැබූ ටොන් මිලියන 18.40ක මත්ස්‍ය නිෂ්පාදනයට සමගාමීව චීනය ටොන් මිලියන 67.80ක මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ලැයිස්තුවේ ඉන්දුනීසියාව තුන්වැනි ස්ථානයේ සහ වියට්නාමය සිවුවැනි ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශය, නෝර්වේ, චිලී, ජපානය, අමෙරිකාව සහ ඊජිප්තුව පිළිවෙළින් 5 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයි ද වාර්තා වේ.