Home Politics රෝහිත අබේගුණවර්ධනගේ අයථා වත්කම් නඩුව කල්යයි

රෝහිත අබේගුණවර්ධනගේ අයථා වත්කම් නඩුව කල්යයි

82
0

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 413ක දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 24 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (18) නියම කළේය.

වෙනත් නඩුවක් විභාගයට ගැනීමට ඇති හෙයින් මෙම නඩුව ලබන 24 වනදා දක්වා කල් දමන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එහිදී ප්‍රකාශ කළේ.

2004 – 2006 කාලසීමාව තුළ මෙසේ අයථා වත්කම් උපයා ගැනීම පිළිබඳ චෝදනාව රෝහිත අබේගුණවර්ධන මහතාට එල්ල වුණේ පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදීම වූ අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව කැඳවූ දිනයේදීම සර්පයකු දෂ්ඨ කළ බව පවසමින් ඔහු රෝහල්ගත වූ අතර එම ආණ්ඩුව 2015 වසරේදී බිඳ වැටෙන තුරුම ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here