Home Politics හිරු බලය ගිණියම් වෙයි – සූජීව සේනසිංහ පැන දුවයි

හිරු බලය ගිණියම් වෙයි – සූජීව සේනසිංහ පැන දුවයි

114
0

හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.

වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි කියා සිටියේ වැඩසටහන සිදු කරන ආකාරය උගන්වන්නේ නැතිව සහභාගී වීමට අකමැති නම් නැගිට යන ලෙසයි.

එහිදී කෝප වූ සුජීව සේනසිංහ මහතා නැගිට යන්නට ගියේය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දී ඔහුගේ උපදෙස් අනුව ‘බැදුම්කර වංචාවේ ඇත්ත නැත්ත’ කෘතිය රචනා කළ මහා කතෘවරයාද සුජීව සේනසිංහ මහතායි.

ඔහුගෙන් පසු එජාප මන්ත‍්‍රි මුජිබර් රහුමන්ද ඉන් නැගිට ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here