එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන්නැයි වත්මන් එම පක්ෂ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් තීන්දුවට හිස නමා සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා දෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදෙන ලෙස පක්ෂයේ අභ්‍යන්තරයෙන් දැඩිව ඉල්ලීමක් ඇති බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි. ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ කරු ජයසූරිය මහතා සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය අතර ඇතිවූ අර්බුදයේදීද නිර්පාක්ශිකව සිටි අයෙකු බවයි. දේශපාලනයේ පරිණත , පක්ෂයේ සිටින අත්දැකීම් බහුල පුද්ගයෙකුබවත් එම නිසා මෙම මොහොතේ නායකත්වය සදහා සුදුසුම කෙනා කරූ ජයසූරුය මහතා බව ඔවුන් පවසයි.
නව නායකයා ලෙස රවී කරුණානායකල අකිල විරාජ් කාරියවසම්ල දයා ගමගේල වජිර අබේවර්ධනගේ යන අයගේ නම් යෝජනා වූවා යැයි පලවු පුවතට සමාජ ජාලාතුල පාක්ෂිකයින්ගේ විරුද්දත්වය ප්‍රකාශකර තිබුනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරල කරූ ජයසූරිය මහතා එම තනතුරට පත් කරන්නේ නම් තමන්ට යම් සම්මුතියකට පැමිණීමට හැකියාව පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මීටපෙඑ පවසා තිබුනි පවසයි.