Home Local ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතාවයක් සිදු වුනා – නැවත ගණින්නැයි අධිකරණයේ නඩු දමයි

ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතාවයක් සිදු වුනා – නැවත ගණින්නැයි අධිකරණයේ නඩු දමයි

1602
0

020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මනාප ප්‍රතිඵල ප්‍රකාශයේදී දෙමළ ජාතික සන්ධානයෙ අපේක්ෂිකා ශෂිකලා රවිරාජ් මහත්මියට සිදු වූ අසාධාරණයට නීත්‍යානූකූලව පියවර ගැනීම සඳහා මහාධිකරණය හමුවට යාමට සූදානමින් සිටින බවට උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ශෂිකලා රවිරාජ් මහත්මිය ඇතුලු පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි මෙම සාකච්ඡාව පැවති අවස්ථාවට යාපනය දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී ආසනයක් දිනාගත් අංගජන් රාමනාදන් මහතාද එක්වීය.

එහිදී අදහස් දැක්වූ එම්.කේ. සිවාජිලංගම් පවසා සිටියේ,

‘‘මේ මැතිවරණය නිදහස් හා සාධාරණ සාමකාමී මැතිවරණයක් කියන්න අපිට බැහැ මොකද මැතිවරණ මනාප ප්‍රකාශිත රාත්‍රියේ මනාප ප්‍රතිඵල යාපනයේ කියන්න ඒ තරම් වෙලාවක් ගත්තා දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් ඇවිත් ගියාට පස්සේ තමයි ප්‍රතිඵල කිව්වේ එයා එන්න ඉස්සෙල්ලා දෙවන ස්ථානයේ සිටියේ ශෂිකලා රවිරාජ් මහත්මිය ඉතින් මේ වුන දේට සාධාරණයක් තියෙන්නම ඕන ඒ සාධාරණය වෙනුවෙන් අපි මහාධිකරණයේ නඩුවක් ගොනුකරලා නැවති ගණන් කිරීමක් හරි විධිමත් පරික්ෂණයක් සිදුකරන්න කියලා ඉල්ලනවා.

එ වගේම අපි දෙමළ ජාතික සන්ධානයටත් පවසා සිටිනවා ඒ නායකයින් මහලොකුවට කිව්වා උතුරු නැගෙනහිර කාන්තා නියෝජනයන් ගැන අවසන් වරට පැවති මහමැතිවරණයේ දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිතු මන්ත්‍රී ධූරය ලබා මුලතිව්හි ශාන්ති ශ්‍රී ස්කන්ධ රාජා මහත්මියට එලෙසින් මෙවරත් තියනවා අවස්ථාව දෙමළ ජාතික සන්ධානයේ අපෙක්ෂක ලැයිස්තුවේ තිදෙනෙක් මන්ත්‍රී ධූර ලබාගෙන තියෙනවා සිව්වැනියට ඉන්නේ ශෂිකලා රවිරාජ් මහත්මිය එනිසා සිව්වැනියට වගේම කාන්තා නියෝජනයකට මන්ත්‍රී ආසනය ලැබිය යුතුයි කියාල අපි හිතනවා නමුත් තීරණය දෙමළ ජාතික සන්ධානයේ තමයි තියෙන්නේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here