විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන
‘ජාතික සංවිධාන’ බලවත් සේ කනස්සල්ලට පත්ව ඇත.
මහජනයා ආණ්ඩුවට බලය දුන්නේ ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමට නොවන බවත් අළුත් ව්‍යවස්ථාවක් සඳහා බවත් ‘ජාතික සංවිධාන’ අවධාරණය කර සිටියි.
පසුගිය 9 වැනිදා පිලිප් ගුණවර්ධන අනුස්මරණ පුෂ්පෝහාරයෙන් පසුව මාධ්‍ය අමතා දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කොට තිබුනේ පළාත් සභා ක්‍රමය වෙනසකට භාජනය කළ යුතු බවය. ඒ අතර 19 වෙනස් කරන ලෙස රටම ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා තිබිණ.
දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන ‘ජාතික සංවිධාන’ ප්‍රධානි වෛද්‍ය වසන්ත බණ්ඩාර Lanka Lead News වෙත මෙසේ සඳහන් කර තිබේ.
”දිනේෂ් ගුණවර්ධන මහත්තයත් පැකේජ් කාරයින්ගේ ලනුව කාලා වගේ. 19 වැනි සංශෝධනයේ කැලි ගලවන සංශෝධනයක් සමඟ 13 වැනි සංශෝධනය වෙනස් කරන්න ගියොත් ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකියි.
එම ක්‍රියාවලිය තුළ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපය හෙවත් අඩ ටික ගලවන්න ඉඩ තියෙනවා.
එහෙම වුනොත් යුද්ධ කරලා ඉල්ලුව දේ රනිල්ගෙන් ගන්න බැරි වූ දේ මහින්ද විසින් බන්දේසියක තබා දුන්නා වෙනවා. ඒක මහා පාවාදීමක්.
මහජනයා ආණ්ඩුවට බලය දුන්නේ ව්‍යවස්ථාවට පැලැස්තර දාන්න නෙවෙයි. අළුත් ව්‍යවස්ථාවක් හදන්නයි. ”
මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී පැවසුයේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත්ය.
“ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ මං හිතන්නෙ. දැනට තාවකාලිකව අපට යම් යම් වෙනස්කම් කරගන්න වෙයි. අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකිරීම තමයි බලාපොරොත්තුව කියලයි මම හිතන්නෙ. අපි කවුරුත් මේ ගැන තාම හරියට කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා නෑ. මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරමු. කොට්ඨාශ, අනුපාත මිශ්‍ර ක්‍රමයක් හදමු” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.
දහනම වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පවරා ඇති බලතල ජනාධිපතිවරයාට ලැබෙන අන්දමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන බව ආණ්ඩුවේ නායකයෙක් නිර්නාමිකව පෙනී සිටීමට කැමැත්තෙන් ‘අනිද්දා’ පුවත්පතට පවසා ඇත.