20 වෙනිදා කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සිව් දෙනෙකු අතර යම් තරගයක් ඇතිවී තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හසීම්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර මෙම තරඟය ඇතිවී තිබේ.
මෙම ධුරය ලබා දෙන්නේ කාට දැයි මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් ලංකා නිවුස්රූම් අපට වාර්තා වන්නේ පාටලිී චම්පික මහතා තම පක්ෂයට ජාතික ගැයිතු මන්ත්‍රීධූරයක් ඉල්ලා ඇත එය ලබා දීමට නොහැකි බව සජිත් පාර්ෂවය පවසා ඇති අතර එවිට පාටලී චම්පික පවසා ඇත්තේ එසේනම් තමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දෙන ලෙසයි එහිදීද සජිත් පාර්ෂවය එයට තදින්ම විරුද්ධවී ඇත.
කෙසේ වෙතත් අපට වාර්තාවන පරිදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්ත කරුණාතිලක මහතාට ලබාදීමේ යෝජනාවක් පක්ෂයේ අභ්‍යන්තරයෙන් පැමිණ ඇති බවයි.