Home Politics ජනාධිපති ගෝ‌ඨාට එරෙහි කුමන්ත්‍රණයක්

ජනාධිපති ගෝ‌ඨාට එරෙහි කුමන්ත්‍රණයක්

1118
0

ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ දිහා කවුරුත් බලාගෙන ඉන්නේ.

ඒ නිසාම සුළු වැරැද්දක් වුනොත් ලොකුවට පේන්න පුළුවන්. හැබැයි මේක එහෙම දෙයක් නෙමෙයි.

රාජ්‍ය සේවයම විහිළුවට ලක් කිරීමක්.

අමාත්‍යාංශය 28 කින් හා රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නා. ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ වලට දාපු නම් වලයි.

ඒක හරියට කඩේට ගෙනියන බඩු ලිස්ට් එක වගේ.

අපි අරන් බලමු දයාසිරි ජයසේකරට දීපු අමාත්‍යාංශය.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන අමාත්‍ය.

මේක දේශීය ඇඟළුම් නිපැයුම් ප්‍රවර්ධන අමාත්‍යංශය ලෙස නම් කරලා විෂය පථයට බතික්, අත්යන්ත්‍ර රෙදි කියලා දැම්ම නම් කොච්චර ලස්සනද?

තව දුරට යමුකෝ…

තවත් රාජපක්ෂවරයෙක් වන ශෂීන්ද්‍රට දීලා තියෙන අමාත්‍යාංශය මොකක්ද?

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය.

ඇයි හත්දෙයියනේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කියලා දීලා විෂය පථයට අර ලිස්ට් එක දැම්ම නම් හෙණ ගහනවා ද?

ප්‍රසන්න රණවීර ඇවිල්ලා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ග්‍රාමීය කර්මාන්ත. මේකට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය කියලා දාලා විෂය පථයට පිත්තල, මැටි, ලී බඩු කියලා දාන්න පුළුවන් කම තිබුණා නේද? (ඕන නම් මිරිස්කුඩුත් ඇතුලත් කරන්න තිබුණා)

ඇත්තටම මේ නම් දැමිල්ලෙන් වෙලා තියෙන්නේ අමාත්‍යාංශයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් රාජ්‍ය සේවකයිනුත් හෑල්ලුවට ලක් කිරීමයි.

අපි මෙහෙමත් හිතමු.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ වැඩ කරන ගෑනු ළමයෙකුට එයාගෙ පැරණි ගුරුවරියක් හමු වෙනවා.

ඒ ගුරුවරිය අහනවා “ඔයා දැන් මොකේද වැඩ කරන්නේ ?” කියලා එතකොට ඒ ගෑනු ළමයා උත්තර දෙන්න ඕන මෙහෙමයි.

“මිස් මං වැඩකරන්නෙ උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග සංවර්ධන ආශ්‍රිත…..

මේක බොහෝ විට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට එරෙහිව කරපු පළමු කුමන්ත්‍රණය ද?

ජනාධිපතිතුමනි හොයලා බලන්න…

(ඇටමැස්සා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here