Home Politics අපේක්ෂකත්වය දුන්නේ රුපියල් කෝටි දෙකකට – කෝටි 02ක මේසය උඩින් තිබ්බොත් අපේක්‍ෂකත්වය...

අපේක්ෂකත්වය දුන්නේ රුපියල් කෝටි දෙකකට – කෝටි 02ක මේසය උඩින් තිබ්බොත් අපේක්‍ෂකත්වය දෙනවා

363
0

පසුගිය මැතිවරණයට තරග වැදීමට සමගි ජන බලවේග පක්‍ෂයේ අපේක්ෂකත්වය ලබා දීමට නම් කෝටි දෙකක මුදලක් ලබා දෙන ලෙස ජාතික කම්කරු සන්ධානයේ නායක පලනි දිගම්බරන් තමනට පැවසුයේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා චෝදනා කරනවා.

එම කෝටි 02ක මුදල මේසය උඩින් තැබුවහොත් අපේක්‍ෂකත්වය දෙන්නේ යයිද ඔහු පැවසුයේ යයිද ඒ මහතා සදහන් කර සිටියා.

තමන් පසුගිය මැතිවරණයේදී මනාප 67761ක් ලබා ගත් බවත් මෙවර අපේක්‍ෂකත්වය ලබා නොදුන්නේ මුදල් නැති නිසා යයිද ඔහු පැවසුවා.

තමනට ජාතික ලැයිස්තුවට එක්වන්නැයි දැන්වූ බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here