බන්දුල තනතුර ප්‍රතික්ෂේප කර තිඛෙනවා
භාරකාර රජයේ කැබිනට් ප්‍රකාශක ධුරයේ කටයුතු කළ හිටපු උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ අනුව තමා වෙත පවරා ඇති අතිරේක වගකීම් වලින් නිදහස් කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවසෙනවා..
පැවති භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා තම නම යෝජනා කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බැවින් නව රජය වෙනුවෙන් එම තනතුර සඳහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කරන මෙන් ද අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමෙහි වැඩිදුරටත් සඳහන් .