තමන්ට ලැබුන දෙයින් තෘප්තිමත් වී වැඩ කිරීම දැන් සිදු වී ඇති බව අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
1994 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සැලකූ ආකාරය සැලකිල්ලක් අද තමනට ද සලකා ඇතැයි ඔහු පැවසුවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ තම අමාත්‍යාංශයේ පැවැති වරඩ බාර ගැනීමේ අවස්ඛථා අමතමිනි.
ඒ මහතා පුවත්පතකට කියා තිබුණේ තමන්ටද කැබිනට් ඇමතිකමක් පක්ෂය විසින් යොදා කර යැව්වද එය නොලැබුණු බවයි.
සිය ඇමති ධුරයේ පලමු කටයුත්ත ලෙස බතික් මුව ආවරණයක් ඇමති දුමින්ද දිසානායකට පැලදවීය.