Home Politics කරූ එජාප නායකත්වයට එන අතරේ රවී පාර්මේන්තුවට, ඔනෙලා පළාත් සභාවට -එජාප නායකත්ව...

කරූ එජාප නායකත්වයට එන අතරේ රවී පාර්මේන්තුවට, ඔනෙලා පළාත් සභාවට -එජාප නායකත්ව සටනේ සැගවූනු බලාපොරොත්තුව

එජාප නායකත්ව සටනේ සැගවූනු බලාපොරොත්තුව

2319
0

පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්⁣ෂය ලැබූ අන්ත පරාජත් සමග එජාප නායකත්වය කෙරේ දැඩි දෝෂාරෝපණයක් එල්ල විය. ඒ රනිල් වික්‍රමසිංහගේ නොමනා පාලනය හේතුවෙන් මෙම පරාජය සිදුවූවා යැයි පවසමිනි.

එසේ රනිල්ට දෝෂාරෝපණය එල්ල වෙද්දී එජාප නව නායකත්වට නම් කිහිපයක්ම පක්⁣ෂ අභ්‍යන්තරයෙන්ම යෝජනා විය. ඒ දයාගමගේ , අකිල විරාජ්, රවී කරුණානායක සහ වජිර අබේවර්ධනගේ යන අයගේය. තත්වය එසේ තිබියදී පක්⁣ෂ අභ්‍යන්තරයෙන්ම රුවන් විජයවර්ධනගේ නමත් නායකත්වය සදහා සුදුසු එකක් විය.

තවද එජාපයේම පලුවක් වන සමගිජන බලවේගයේ නායක සජිත්ටද නායකත්ව ලබා දෙන ලෙස තවත් පිරිසක් යෝජනා කලේය.

එම තරගය සාකච්ඡා මට්ටමේ පැවතෙත්දී රවී කරුණානායක විසින් තමාට නායකත්ව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහට ඍජුව බලපෑම් කරමින් සිටියහ. ඔහු ඒ සදහා සමාජ මතය ගොඩනගා ගැනීමට විවිධ ක්‍රම ඔස්සේ උත්සාහ දැරූහ. නමුත් රවී කරුණානායකට සමාජ ජාලා තුලින් එල්ල වූයේ එතරම් සුභ ප්‍රතිචාරයක් නොවීය.

මහ බැංකුහොරා, සතොසෙන් හොදට කෑවා, එජාප කෑවේ රවී යන චෝදනා සමාජ ජාලාතුල රවීට එරෙහිව නැවත දක්නට ලැබෙන්නට විය.

Lanka News Room අපට වාර්තාවන ආකාරයට රවීගේ එජාප නායකත්ව සටනේ අභ්‍යන්තරයේ සාරංශය මෙසේය.

එජාප ඉහල පෙල නියෝජනය කල රවී කරුණානායකට එජාපයේ මේ පසුබෑමත් සමග සහ පාක්ෂිකයන්ගේ මේ ගැරහුම් තුලින් නැවත දේශපාලන ඉදිරියට යෑමට නොහැකි බව රවීට දැන් වටහාගෙන ඇත.

රවීට අවශ්‍යවන්නේ තමාට වැරදුනු තැන නිවැරදි කර ගැනීමටය. ගොඩයෑමට නම් කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ පක්⁣ෂයේ නායකත්වට පැමිණීය යුතුය. නැතිනම් පවුලේ කවුරුන් හෝ දේශපාලනයට අැතුලත් කල යුතුය එසේ නොමි වුවහොත් කරුණානායකලා දේශපාලනයෙන් අතුගෑවී යා හැකි බව රවී සිතන්නට විය. එබැවින් රවී මෙි සියලු ගේම් අතරේ ඇතුලතින් තවත් ගේමි කිහිපයක්ම ගහන්නට කටයුතු කර තිබිනි.

ඒ එකක් ලෙස සජිත් එජාපයේ නායකත්වට ගෙන ඒමටයි. ඒ එසේ සිදු කරදීමට නම් තමාට කෙනෙකු ඉවත් කොට ජාතික ලැයිතුධූරයක් ලබා දෙන පොරොන්දුව මතයි. නමුත් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදීමට එජාපයේ දැඩි විරෝධයක් එල්ල විය.

එම විරෝධය හමුවේ රවී තමා පැමිණි මාර්ගය වෙනතකට යොමු කරමින් තවත් පැත්තක් දෙස බැලීය. ඒ තමා සමගි ජනබලවේගයට යාමටයි. ඒ එසේ පැමිණීමට නම් තමාට ජාතික ලැයිතු මන්ත්‍රීධූරයත් , පක්⁣ෂයයේ නියෝජ්‍ය නායකධූරය සහ තමාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට පලාත් සභා අපේක්ෂකත්ව ලබා දෙන ලෙස තමාගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. නමුත් රවී සමගි ජනබලවේගයට පැමිණිම පිලිබදව නායක සජිත් කැමකි වුවද පක්⁣ෂයේ අභ්‍යන්තරයෙන්ම දැඩි විරෝදයක් සජිත් වෙත එල්ල වන්නට විය.

රවීගේ බලාපොරොත්තු මෙලෙස එකින් එක කඩා වැටෙමින් රව Fail වෙත්දී ඒ සදහා වෙනමම තුරුම්පුවක් ගැසුවේය. එනම් එජාපයයේ මඩ නැති ජනතාව අප්‍රසාධයක් නොමැති පුද්ගලයෙකු නායකත්වය සදහා යෝජනා කිරීමටය. ඒ වෙන කවුරුත් නොව හිටපු කතානායකවරයාය. ඒ සදහා ජනතා මතය සෑදීමට රවීට එතරම් වෙහෙස වීමට සිදු නොවන බවද රවී දැන සිටියාය.

පාක්ෂිකයා කරෑ ඉල්ලත්දී රවීගේ ගේම ගැන පක්⁣ෂ අභ්‍යන්තරයේ කන වැටීය. මේ වන විට ස්වාධීන අයෙකු ලෙස පෙනී සිටින කරූ ජයසූරිය මහතාට නායකත්වය රුගෙන දීමෙන් අනතුරුව සජිත් පාර්ෂවය නැවත එජාපය වෙත ඈදාගෙන සජිත් එජාපයේ නායකයා ලෙස පත්කීරීමේ උත්සාහයක් ගැනය.ඒ මේ වන විට වැඩි පිරිසක් සිටින්නේ සජිත් සදගින් විමත්. කරූ නායකත්වයේ සිටියදී යම් පක්ෂයතුලින් සජිත් නායකයා කරන ලෙස ඉල්ලා කැරුල්ලක් ගැසුවහොත් නිරායාසයෙන්ම සජිත්ට නායකත්වය ලබා ගත හැකි නිසාවෙනි. එසේ වුවහොත් පොරොන්දු ඉටු කලහොත්, රවීගේ බලාපොරොත්තු සියල්ල සපල වනු ඇත.

තත්වය එසේ තිබියදී නිහඩවසිටි රනිල් සියල්ලගේ නායකත්ව සිහින බිද දමමින් පළාත් සභා මැතිවරණය දක්වා නායකත්වයේ රැදී සිටීමට තීරණය කරන්නට විය.

නමුත් මේ වන විට කරෑ ජයසූරිය මහතාට නායකත්වයදෙන ලෙස සංඝයාවහන්සේලාගේ දැඩි බලපෑමක් එජාපය කෙරේ අත්වෙමින් ඇතග නමුත් පසුගිය වකවානුව තුල සජිත් ප්‍රේමදාස මහතා එපා යැයි විරෝධතා දැක්වූයේ එම හිමිවරුන් වීමද හාස්‍යට කරුනකි. එයද රවීගේම ගේමක් බව සජිත්ට කනවැටි ඇති බව ලංකා නිවූස් රූම් අපට වාර්තා විය.

දිලා සිරිපාල සිඤ්ඤෝරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here