පාර්ලිමේන්තුවේ පුරප්පාඩුව පැවති අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (18) නිකුත් කළේය.
පසුගිය අගෝස්තු මස 5 වන දා පැවති මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවිය.
කෙසේවෙතත්, අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා අපේ ජන බල පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් මතුවුණු හෙයින් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇතිව තිබිණි.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නියෝජනය කරන්නේ ද අපේ ජන බල පක්ෂයයි.