Home Politics මාළිගාවේ මුල්‍ය දායකත්වයෙන් හා හමුදාවේ මැදිහත්වීමෙන් ඥාණක්කාට සුපිරි හෝටලයක්

මාළිගාවේ මුල්‍ය දායකත්වයෙන් හා හමුදාවේ මැදිහත්වීමෙන් ඥාණක්කාට සුපිරි හෝටලයක්

1360
0

අනුරාධපුර ගුවන් තොටුපල දේවාලයක් පවත්වාගෙන යන පාරේ ඥානක්කා නැමැති කාන්තාවකට අයත් පුද්ගලික ඉඩමක දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බන්ඩාරගේ මුල්‍ය දායකත්වය සහ ශ්‍රී ලංකා යුධ හමුදා භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සුපිරි හෝටලයක් ඉදි කරමින් ඇති බවත් ප්‍රදේශවාසීන් පවසති.

ලංකා පුවත්පත වාර්තා කරන ආකාරයට යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකරන අතර අදාල ඉඩම වටා විශාල තාප්පයක් ඉදිකරමින් තිබෙන බවත් එම ඉදිකිරීම් සියල්ල විශේෂ ආවරණයන් සහිතව රහසිගතව සිදුකරන බවත් සදහන්වේ.

මෙම හෝටලය ඉදිකරන ප්‍රෙද්ශය අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇති බවත් නිරතුරුව හමුදා බුද්ධි අංශ නිලධාරීන්ද මේ අවට සැරිසරන බවද වාර්තාවේ. මේ හේතුවෙන් මෙම ඉදිකරන හෝටලය පිලිබදව තොරතුරු සොයා බැලීම අසීරුවී තිබේ.

අනුරාධපුර නගර සභාව මගින්ද මෙවැනි ඉදිකිරීමක් සදහා අවසර ලබාදී නොමැති අතර හමුදාවේ නිලධාරීන්ද ඒ පිලිබදව කිසිවක් ප්‍රකාශ කිරීමට නොදන්නා බව පවසයි.

කෙසේ වෙතත්, මෙසේ පෞද්ගලික ඉදි කිරීමක් සඳහා යුද හමුදා සාමාජිකයන් යෙදැවිය හැකි දැයි ලංකා පුවත්පත වර්තමාන ආණ්ඩුවේ ඉදි කිරීම් සම්බන්ධයෙන් නිල වගකීමක් දරන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකුගෙන් විමසීමක් කර තිබේ. එහිදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකාරවරයකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පැවසුවේ, කිසිදු හේතුවක් මත පෞද්ගලික ඉදි කිරීම් සඳහා යුද හමුදා සාමාජිකයන් යොදා ගත නොහැකි බවයි. යුද හමුදා සාමාජිකයන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ ජාතික ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා බවත්, පෞදගලික කටයුතු සඳහා ඔවුන් යෙදැවීම බරපතළ වරදක් බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන සදහන් කරමින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් අණාවරනය කරන ලද්දේ මෙම ඥණක්කා පිලිබදව වන අතර එහිදී .” අනුරාධපුර පැත්තේ ඉන්නවා උපාසක අම්ම කෙනෙක්. ජනාධිපතිවරණයේදී රුවන්වැලිසෑයේ දිවුරුම් දීල, සතියකට සැරයක් අටමස්ථාන වන්දනා කරනවා. ඒ වන්දනාකිරීම ඇතුලේ තව රහසකුත් තියෙනවා.” යනුවෙන් මැඩිල්ලේ හිමියන් පවසන ලදි.

මේ වනවිට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහලපෙලේ නිලධාරීන්ද සති පතා මෙම ඥාණක්කාගේ දේවාලය වැද පුදාගැනීමට යන බව ප්‍රසිද්ධ රහසකි. ඒ යන පිරිස හදුනා ගැනීම පහසුවී ඇත්තේ ඔවුන් සියලු දෙනාම රතු නුලක් පැලද සිටීම නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here