Home Politics කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි

කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි

79
0

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.

සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here