Home Politics මතභේදාත්මක කෙරවලපිටිය LNG ගිවිසුම ගැන අනුරගෙන් විශේෂ හෙළිදරව්වක්

මතභේදාත්මක කෙරවලපිටිය LNG ගිවිසුම ගැන අනුරගෙන් විශේෂ හෙළිදරව්වක්

27
0

මතභේදාත්මක කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් අද පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවක දී විදුලිබල අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට බලපෑම් කර තිබුණා.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක විසින් අද දිනයේ එම ගිවිසුමේ පිටපතක් සභාගත කරන තෙක් අදාළ අමාත්‍යවරුන් එම ගිවිසුමේ පිටපත් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.

මෙම ගිවිසුම්ට අදාළ කරුණු හෙළිදරව් කරමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් පැවරීම සඳහා අත්සන් තබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ලියා පදිංචි කර ඇති එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං නැමැති සමාගමක් සමඟයි.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් තැබීම මුළුමනින්ම කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා සිදු කරන ලද්දක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම ගිවිසුමේ 13.1 (රහසිගතභාවය හා ප්‍රකාශ කිරීම) යන වගන්තිය යටතේ අදාළ ගිවිසුමේ අන්තර්ගත කරුණු හෝ ගිවිසුම වසර දෙකක් යන තුරු දෙපාර්ශවය අතර එකඟතාවකින් තොර ව රටට හෝ ජනතාවට ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට වන එකඟතාවකටත් එළඹී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි ගිවිසුම් අත්සන් තැබීමේ දී එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමට ලැදියාවක් ඇති ව එම ගිවිසුම් අත්සන් තැබිය යුතු බවට එම ගිවිසුමේ වගන්තියක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here