සහල්,පරිප්පු,සීනි,අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී තිබෙනවා.
කඩිනමින් ඩොලර් නිකුත් කළහොත් එම භාණ්ඩ නිදහස් කරගැනීමට හැකි බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.
ඒ අනුව වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙලද් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වී ඇති බව එම සංගමය පවසනවා.
ඊට අදාළව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මුදල් ලබා ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්බ්‍රාල් විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරීමට එකඟ වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා .