ඉදිරියේදී බෝග වර්ග කිහිපයක් සීමා සහිතව ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමේ අරමුණින් බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ.
ඒ අනුව, වියළි මිරිස්, ලොකු ළූණු සහ අර්තාපල් සඳහා ආනයන සීමා පැනවීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම දේශීය ලොකු ළූණු අවශ්‍යතාවයෙන් 70% ක් දේශීයව නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.