සියලු ගැස් සිලින්ඩර්වල දැනට තිබෙන වෑල් එක මාරුකර ඒ වෙනුවට නව වෑල් එකක් සවිකිරීමට තීරණය කර තිබෙනවා.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගෑස් සමාගම් විසින් මේ බව ප්‍රකාශ කළා.
එම සාකච්ඡාවට ආනයන අපනයන පාලක ජනරාල්වරයා, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ,තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වෙළඳපොළේ මේ වනවිට ගෑස් හිඟයක් මතුව ඇත්තේ සිලින්ඩර්වලට නව වෑල් එක මාරුකිරීම හේතුවෙන් බවයි ඔවුන් පවසන්නේ.