Home Local ජල බිල්පතට ලබාදී තිබූ 10%ක වට්ටම අත්හිටුවයි

ජල බිල්පතට ලබාදී තිබූ 10%ක වට්ටම අත්හිටුවයි

56
0

ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට ලබාදුන් 10%ක වට්ටම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අදාළ 10% වට්ටම 2014 වසරේ ඉදිරිපත් වූ අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක වුව ද එය 2015 වසරේ දී විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය සලකා බලා මෙම තීරණය ගත් බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුව තිබෙනවා.

එමෙන්ම සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජල පහසුකම් ලබාගෙන ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් 75% ක් පමණ ජල ඒකක 25%කට අඩුවෙන් භාවිත කරනු ලබන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here