ඉන්දීය රජය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට මෙරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ සමාගම පිහිටුවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවට, කැබිනට් අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ.
මේ වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම ලංකා IOC සමාගම දැනටමත් භාවිතයට ගන්නා තෙල් ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර සඳහා වෙන් කිරීමට නියමිතයි.
ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමි වන පරිදි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම මඟින් සංවර්ධනය කරනවා.