රාජ්‍ය සේවය සඳහා බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ සේවය ජනවාරි 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, ස්ථිර කිරීමට පියවර ගත් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.
ඒ, ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ, 50,000 ඉක්ම වූ සංඛ්‍යාවකට රාජ්‍ය සේවය තුළ ස්ථීර පත්වීම් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම ස්ථිර කිරීමත් සමඟ ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 31,490ක් දක්වා ඉහළ යන අතර වෙනත් දීමනා සමඟ රුපියල් 41,490ක වැටුපක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මෙහදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
“2020 සැප්තැම්බර් මස 02 වැනි දින සිට මේ දක්වා කොටස් තුනක් යටතේ උපාධිධාරීන් 58,145ක් බඳවාගෙන තියෙනවා. ඒ අතරින් උපාධිධාරීන් 53,177ක් පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පුහුණුව සඳහා වාර්තා කළා. වසරක් ඉකුත් වන විට අභ්‍යාසලාභීන් ලෙස සිටි සංඛ්‍යාව 51,682ක්. අපි රාජ්‍ය සේවය දිවි හිමියෙන් රකිනවා. මමත් හිටපු රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. පුහුණු කාලය වසරක් සම්පූර්ණ කළාට පසුව අනෙක් අයටත් පත්වීම් ලිපි දෙනවා.”