පසුගියදා මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි එම බැංකුව සඳහන් කළේ.
ඒ අනුව පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.