Home Local මෙරටට ගෙනා එන්නත් ගැන විශේෂ ප්‍රකාශයක්.

මෙරටට ගෙනා එන්නත් ගැන විශේෂ ප්‍රකාශයක්.

15
0

මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත් ප්‍රමාණය අද වන විට ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා.

ඒ, අනුව මෙරටට ගෙන්වූ මේ වන විට AstraZeneca එන්නත් මාත්‍රා 2,865,424ක්, Modena එන්නත් මාත්‍රා 1,500,000ක්, Sputnik V එන්නත් මාත්‍රා 195,000ක්, Sino pharm එන්නත් මාත්‍රා 26,000,000ක් සහ Pfizer එන්නත් මාත්‍රා 18,000,000ක් මෙරටට ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසුවේ, ලැබුණු මුළු එන්නත් මාත්‍රා ගණනින් මිලියන 6.8ක් අධාර වශයෙන් මෙරටට ලබා දී ඇති අතර චීනය, ජපානය, අමෙරිකාව, ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම එන්නත් ලබා දී ඇති බවයි.

එමෙන්ම එක් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 05 සිට ඩොලර් 7.5ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here