මේ වන විට මෙරට ආර්ථික ප්‍රශ්න වලට පිළිතුර වන්නේ දේශපාලන කණ්ඩායම් එකතු වී නව සංවිධාන බිහි කිරීම නොව පාලකයින් කැපකිරීමට යොමුවීම බවයි මේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
සිය උතුරු පළාත් සංචාරය අතරතුර, යාපනයේ දී අද ඔහු මේ බව ප්‍රකාශ කළා.
” තෙල්, බෙහෙත් , ආහාර, ගෙන්වන්න ඩොලර් නැහැ. කර්මාන්තවලට අමුද්‍රව්‍ය නැහැ . නිෂ්පාදනය කඩා වැටෙනවා. ඉතා භයානක තැනකට ඇවිත් තියෙන්නේ. ගත්තු වැරදි තීන්දු වලට රටම විඳවනවා. රටේ තියෙන්නේ නාමික ආණ්ඩුවක්. ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්. සොරකම ඉහවහ ගිහින්, දූෂණත් වෙද්දී කොහොමද රට ගොඩනගන්නේ. ගොඩ දාන්න පුළුවන්. හැබැයි නිවැරදි ගමනක් යන්න ඕන. පාලකයන් කැපකිරීම් කරන්න ඕන .”